Posts

ලොව විශාලතම මූල්‍ය මගඩිය: The Wizard of Lies (2017)

"2008 දෙසැම්බර් 10 වන දින වන තුරු මම මගේ මුළු ජීවිතයම ගෙවා දැමුවේ මගේ පියා ගැන ගරු සම්ප්‍රයුක්ත විස්මයෙනි. මම මගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ සෑම ජයග්‍රහණයක්ම සහ සෑම පසුබෑමක්ම මැන බැලුවේ ඔහු ජීවත් වූ ආකාරයත් සමඟිනි. ඔහුගේ අනුමැතිය මට අතිශයින්ම වැදගත් වුණි- සමහරවිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා. මට මතක ඇති කාලයක් පුරා උත්සාහ කළේ ඔහුව ආඩම්බරයට පත් කිරීමටය. නමුත් එක් දිනකදී මට දැනගන්නට ලැබෙන්නේ මගේ පියා මා සිතූ මිනිසා නොවන බවය. ඔහු අපරාධකරුවෙකි; මා ගෞරව නොකරන මිනිසෙකි. එහෙත් මේ මිනිසා, මගේ පියා, මට වැරැද්දෙන් නිවැරැද්ද ඉගැන්වූ; ශිෂ්ට සම්පන්න වීමට සාධාරණ වීමට සහ අවංක වීමට කියාදුන්; චරිතවත් වීමෙහි ඇති වැදගත්කම, සැමියෙකු වීමෙහි අරුත කුමක්දැයි... සහ වඩාත්ම වැදගත් දෙය නම්, පියෙකු වන්නේ කෙසේදැයි ඉගැන්වූ එම මිනිසාමය. මම බර්නි මැඩෝෆ්ගේ පුත්‍රයෙක් වෙමි. මට ඉන් කිසිදා ගැළවිය නොහැකි යැයි මම සිතුවෙමි. මට ඉන් ගැලවීමක් නැති බව දැන් හොඳටම මට විශ්වාසය. ඔහුගේ සමීපතමයන් ඔහු අපරාධකරුවෙකු ලෙස නොදුටු බව විශ්වාස කිරීම ඇයි මෙතරම් අමාරු? තම පියා කිසිදු වරදක් නොකරනු ඇතැයි ඔහුගේ පුතා සිතීම ඇයි මෙතරම් පුදුම සහගත? මම ...

විද්‍යා ලෝකය හෙල්ලූ මහා වංචාවක්

Grey Owl (1999)

සිරිලංකන් අරගලයෙන් මතුවුණු ඉන්දියන් මහ බැංකු අධිපති

The Razor's Edge (1984)

Outnumbered (2007-2014)

Citizen Kane පැරදවූ How Green Was My Valley

පාට දේශපාලනයෙන් තොරව 'ගංගාවතරණය' සහ 'දොළොස් මහේ ගංගාව' බලමු.

My Cousin Rachel

The Scapegoat

Frankly, my dear, I don't give a damn.

Made In India: A Titan Story - Season 1 (2026)

කියා නො කියූ හේතු - A Short Story