ඕනෑම නිර්මාපකයෙක් ලෝකෙට දෙයක් හදලා ඒක පිළිගන්වනකන් දින ගනින්නේ බලාපොරොත්තු අටෝරාසියක් එක්ක. නිර්මාණය වෙනුවෙන් හලන හැම දහදිය බිඳුවක්ම ඒ බලාපොරොත්තු ජීවත් කරවනවා. ඒක සිනමා පටයක්, ගීතයක්, පොතක් වගේම මැටි හට්ටියකටත් පොදුයි. ඒත් ලෝකයා නිර්මාණය පිළිනොගත්තොත්; කොහොමද හෙට දවසට මුහුණ දෙන්නේ. කොහොමද තව බලාපොරොත්තුවක සේයාවක් හිතේ රඳව ගන්නේ.
![]() |
The Colour Room : Her Pottery Made History. Her Story Broke Every Rule. |
The Colour Room කියන්න හදන්නේ මෙන්න මේ කතාව. Bridgerton එකේ ලස්සන දැරිවිත් (ඇගේ film debut එක) එක්ක Matthew Goode රංගනයෙන් දායක වෙන මේ සිනමා සිත්තම Feminist Biopic එකක්. 1920/30 ගණන් වල බ්‍රිතාන්‍යයේ විසූ Clarice Cliff නමැති කුඹලියගේ සත්‍ය කතාව.
ඔයාගේ නිර්මාණයත් ලෝකයා පිළිනොගත්තොත් නොවැටී නැගිටින්න inspire එකක් ගන්න බලන්න පුළුවන් feeling good ලස්සන සිනමා සිතුවමක්.
![]() |
Matthew Goode and Phoebe Dynevor Prepping for the roles of The Colour Room. |
Comments
Post a Comment