It is a wonderful feeling to reignite this blog after so many years. When I started to write for the FB groups, I totally moved away from writing in this blogspot. So here I am back again. Thought to transfer all my FB writings in here after realizing FB groups will not be permanent. Nor this would be as well, but anyway I have my control in here. So here goes my first one.
I found this piece of paper long time back in my dad's collection when I was a curious cat. Thankfully I photographed it before keeping it back. Later when I passionate about writing, I remembered this and did a little bit of digging and found what I have written in here.
![]() |
I did not die - No one is sure who wrote it, but the poem "I am not there" has attracted a huge following since its broadcast in England recently. |


සමහර කවි සිංදු තියනවා ඒවා එක එක පාරවල් වලින් මිනිස්සුන්ගේ ඇට මිදුළු නහර වලට කිඳා බැස්සම වසර ගණනාවකට පස්සේ ඒවායේ කතෘ අඥාත වෙනවා. උදාහරණයක් තමා ජන කවි. ඔව්වත් පබැඳපු කෙනෙක් ඉන්න එපෑයෑ. සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ "එය මෙසේ සිදු විය - අති සුන්දර සත්ය කතා" පොත නොකියවන්න මාත්, ඔය හැමෝම වගේ පුංචි කාලෙදි කියන "මේ ගසේ බොහෝ" වගේ ළමා ගීත, ජනකවි ආරෙට යන කතෘ අඥාත ගීත කියලා හිතන්න ඉඩ තිබුණා. මං හිතන්නේ අවුරුදු හැත්තෑවකට අසූවකට කලින් හිටපු ලංකාවේ ජෙනරේෂන් එක අපේ ජනකවි කලෙක්ෂන් එකට දායාද කරන්නේ ළමා ගීත වෙන්න පුළුවන් කියලා. ඒකට අපේ ජෙනරේෂන් එක මොනවා දායාද කරයිද මන්දා.
ඉතින් ඔය වගේ කතෘ අඥාත වුණ එහෙමත් නැතිනම් කතෘ කන්ෆියුස් වුණ කවි සිංදු වලට සමහර වෙලාවට වෙන වෙන උරුමකම්කාරයෝ නම්කරන නම්කරගන්න වෙලාවලුත් තියනවා. එහෙමත් වෙලාවක ඒ උරුමකම අස්සේ අපූරු පුරාවෘත්තත් ගොඩනැගෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ අවස්ථාවක් ගැන. හැබැයි මේ දූපතින් එළියේ. එහෙනම් ඔය අලවල තියන කවිය කයවල බලන්න. ඉංග්රීසි ඔස්තාර් නොවුණ කෙනෙකුගේ වුණත් හිත හොළවන කවියක්. මරණය වියෝගය කියන්නේ සංවේදි කාරණාවක් හන්දාමදෝ කවියා ප්රචලිත නොවුණත් මේක ලෝකයක් සංවේදී කරවපු කවියක්.
සමහර ඈයෝ කියන්නේ මේක ලිව්වේ ඇමරිකාවේ මේරි එළිසබත් ක්ලාක් ෆ්රායි (1905-2004) කියලා. මේරි අංකුර කිවිඳියක්, නම ගිය කෙනෙක් නෙවී. ඇගේ හොඳම මිතුරියකගේ මව මිය ගිය බව අහලා ඒ උත්තේජනයෙන් 1930 ගණන් වල මුල භාගේදි මේක ලිව්වා කියලයි සැලකෙන්නේ. ඇය කිසිම තැනක මේක මුද්රණය කරලා ප්රකාශයට පත් කරලා තිබුණේ නැති නිසාලු මේ කතෘත්වයේ ගැටලුව.
ඒ දවස් වල මේරියි එයාගේ මහත්තයයි එක්ක මාග්රට් කියලා යුදෙව් කාන්තාවක් වාසය කළාලු. මාග්රට්ගේ අම්මා හිටියේ ජර්මනියෙලු. හිට්ලර් ආපු කාලේ නිසා අසනීපෙන් හිටපු අම්මා බලන්න යන්න බැරිවලු එයා හිටියේ. හිට්ලර් බලේට එන හා හෝව ආපු කාලෙම ගොඩක් යුදෙව්වෝ ඇමරිකාවට යන්න ගියා. හිට්ලර්ගේ විත්ති ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඔය අතරේ අම්මා මිය යනවා. මාග්රට්ට මේක දරා ගන්න බැහැ. ඇය හඬා වැලපෙනවා. එයාගේ හදවත කඩාවැටෙනවා. නොකා නොබී ඉන්න ඇයට සැනසුමක් සහනයක් ළඟා කර දෙන්න හිතාගෙන තමයි මේරි එළිසබත් මේ කවිය රචනා කරන්නේ. ඉතින් මුලින්ම මේ පැදි දොළහක පැබැඳුම සිත්තම් වෙන්නේ බ්රවුන් පේපර් ෂොපින් බෑග් එකක.
ඇය මේක පත්තරයකට සඟරාවකට පොතකට පළකරන්න යවන්නේ නැහැ. මාග්රට්ට ලියපු කවියනේ. දන්න කියන හිතවතුන් විතරයි මේක දකින්නේ. ඒත් ඒකාලේ බුකිය නොතිබුණත්, ඒ දන්න කියන හිතවතුන්ගෙන් මිනිස්සු අතරේ මේ කවිය එක එක ක්රම වලට පැතිරෙනවා. සමහර අය තව කෙනෙකුට කියන්නේ ලියපු කෙනා කවුද කියලා හාංකවිසියක්වත් නොදැන, නැතිනම් හාංකවිසියක්වත් නොදන්න ගානට. තවත් සමහරු අහවල් තැනින් උපුටා ගත්තයි කියලා කියනකොට එහෙමත් අය තම තමන්ගේ නම් දාගෙනත් ප්රචාරය කරගත්තා. හොලිවුඩ් නළුවෙකුට පිංසිද්ධවෙන්න 1970 දශකය කියන්නේ ඇමරිකාවට කවියේ පීක්ම කාලේ. ඔය අතරේ මේ කවිය සිම්පති කාඩ්පත් වලට නැතුවම බැරි කවියක් වෙනවා. අවමඟුල් උත්සව වල හිට් වෙන කවියක් වෙන්න ගන්නවා. සොහොන් කොත්වල උඩින්ම කෙටවෙන්න ගන්නවා.
ඇමරිකාවෙන් එංගලන්තෙට මේක වයිරල් වෙන්නේ 1995දී. ඒ උතුරු අයර්ලන්තයේදි බෝම්බයකින් මියගිය සොල්දාදුවෙක් ළඟ තිබිලා. එයා මේක ලියුම් කවරෙක දාලා කවරේ ලියලා තිබ්බලු "මාගේ සියලු ආදරණීයයන්ට" කියලා. ඉතින් එයාගේ තාත්තාට අවස්ථාවක් සැලසෙනවා බී.බී.සී. ගුවන් විදුලියේ ඒ ලියුම් කවරයෙන් හම්බුවෙච්ච මේ කවිය මුළු රටටම ඇහෙන්න කියන්න. කවියත් කවිය හම්බවුණු විදිහත් අහලා සංවේදි වෙන එංගලන්ත වැසියෝ මේරි එලිසබත්වත් ඇමරිකාවේ ලියවුණු කවියක් කියලවත් නොදැන මේක එකිනෙකා එක්ක බෙදා හදාගන්නවා. ඒ වසරේ ජාතික පද්ය රචනා දිනයට බ්රිතාන්යයේ කෙරුණු වැඩසටහනක ජනප්රියම පද්ය රචනාව හොයන්න කෙරුණු සමීක්ෂණයක ජයග්රහණය හිමි කරගත්තේ කතෘ අඥාත ජාතියක්වත් ජම්මයක්වත් හොයාගන්න බැරිවුණු මේ කවිය.
මං කලින් කියපු මේරි එළිසබත්ගේ පුරාවෘත්තේ ඇත්තටම කරළියට ගේන්නේ ඇමරිකාවේ පත්තර තීරු ලිපි ලියන්නෙක්. ඒ 1998දී. ඒ වෙනකන්ම මේ කවියට හරි හමං කවියෙක් හිටියේ නැහැ. ලංකාවේ වගේ නෙවෙයි, වෙන රටවල්වල 'Fact Checker' කියලා වෙනම රස්සා තියනවා පත්තර කන්තෝරුවල. 'Letters to Juliet' ෆිල්ම් එකේ ලස්සන ගෑනු ළමයගේ රස්සාව.
කොහොමින් කොහොම හරි 2018දී එක ඔක්ස්වර්ඩ් ජ'නලයක ලිපියක් පළවෙලා ප්රසිද්ධ වෙනවා ඕක ලිව්වේ මේරි එළිසබත් නෙවීය, ඇමරිකාවෙම ක්ලෙයාර් හාර්නර් ලියොන් (1909-1977) කියලා කෙනෙකුය කියලා, 1934දී එයා මේක පළකරපු පද්ය රචනා සඟරාවේ තැනත් එක්ක සාක්ෂි ඇතුව. ඉතින් ඇත්තටම මේරි කිව්ව විදිහට එයාම මේක ලිව්වද, නැත්තම් ඔක්ස්වර්ඩ්ලා හොයාගත්තු විදිහට ක්ලේයාර් මේක ලිව්වද, මේරිද ඉස්සුවේ ක්ලේයාර්ද ඉස්සුවේ, ඇත්තටම එයාලමද මේක ලිව්වේ, කියලා තාමත් දන්නේ නැහැ. කොහොම වුණත් මේ කවිය මේ වෙනකොට ප්රංශ ජර්මන් ජපන් රුසියන් ආදි එකී මෙකී නොකී භාෂාවන් වලට මේ වෙනකොට පරිවර්තනය වෙලා තියනවා. ඔන්න වැඩ්ඩෝ ඉන්නවනම් සිංහලටත් හරවල දාන්න පුළුවන්. හැබැයි පස්සේ කාලෙක කවුරු කොහොම ඒක උස්සයිද දන්නේ නැහැ. ඔයාගේ කතෘත්වය ඔප්පු කරන්න ඔක්ස්වඩ්ලාවත් ෆැක්ට් චෙකර්ස්ලවත් ලංකාවේ නැහැනේ. ඉතින් මතක ඇතුව ඕක වගවෙන්න පුළුවන් තැනක පළකරන්න.
Do not stand at my grave, and weep.
I am not there,
I do not sleep—
I am the thousand winds that blow
I am the diamond glints on snow
I am the sunlight on ripened grain,
I am the gentle, autumn rain.
When you awaken in the morning’s hush,
I am the swift, uplifting rush
Of quiet birds in circled flight,
I am the soft stars that shine at night,
Do not stand at my grave, and cry—
I am not there,
I did not die.
Comments
Post a Comment