Saturday, December 28, 2013

Most Awaited Moments

That very first moment, when you got the most awaited books of your favorites, on your own hands. I had that moment as the day I sketched them. Steve and Randy. Now I'm owning them. Whom you can call most inspirational techy heroes in real world. May be they are not, but once you listen to their speeches you'll found out.




Steve Jobs' 2005 Stanford Commencement Address :
http://www.youtube.com/watch?v=Hd_ptbiPoXM

Randy Pausch Last Lecture :
http://www.youtube.com/watch?v=ji5_MqicxSo

Hopefully Winning Way from Harsha with his speech at IIM will find the way to my hands someday.


Wednesday, December 11, 2013

BOOooo!!!!!!



බූ......#*$%?^# !!!! ! !

අනේ කිටියෝ
බය උනාද
විහිළුවටනෙ
එහෙම කලේ
ආයෙත් නෑ
කරන්නේ මම
බය වෙනවනෙ
උඹත්
හරි හරියට

මෙසේ කියා
පුරුද්දට වගේ
ඊලඟ දවසෙත්

බූ......#*$?%^# !!!! ! !


Tuesday, December 10, 2013

From a Tree




බලා හුන් මුත්
යුග ගනන්, ගව් දුර
දෑස් යුග අල්වා
මෙහි සිටන් එහෙටත්
එහි සිටන් මෙහෙටත්
එහි මෙහි ගිය අය
මේ මං මාවතේ
නොදිටිමි කෙදිනවත්
ඉසිඹුවක් ලද කිසිවෙක්
ඔබ හැරෙන්නට
ඔව්...
ඔබ හැරෙන්නට



Cranes



රන් පැහැ රන් ආකාසේ
වළා තලය අරා නැගෙන
රන් හිරු රැස් කදම්බයෙන්
දිලිසී දිලීසී පියඹන
සකලයිනේ ඔබ කොයිබද
පියඹා යන්නේ...
සිදුමැලි පැහැ යයි කීවද
කණයා යැයි නම් දැරුවද
සැන්දෑ අහසට එය නම්
කම් නැති වැන්නේ

The Wind



නවා මා අතු ඉති
ගාවා නොගාවා පොළවට
බර කළත් සබඳ
නැත මා අමනාපයෙන්...
තනිව හිඳිනා මා
සීත පවන් රැල්ලෙන්
මුසපත් කරනට එනුයේ
ඔබ පමණක්ම නිසාවෙනි.