Satyajit Ray Movie Marathon

පහුගිය අවුරුද්ද ඉවරවෙද්දි සත්‍යජිත් රායි අධ්‍යක්ෂකතුමාගේ මූවි මැරතන් එක දුවලා ඉවර කරන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ ගැන කෙටි සඳහනක්.

Satyajit Ray Movie Collection

මැරතන් එක දුවන්න තෝරගත්තේ විකිපීඩියාවේ සඳහන් රායිගේ සම්පූර්ණ ඩිරෙක්ටෝරියල් ෆිල්මොග්‍රැෆි ලිස්ට් එක. අන්තර්ජාලයෙන් (ටොරන්ට්, යූටියුබ්, ආකයිව්.ඔර්ග්) ඒ ඔක්කොම සබ් එක්ක හොයාගන්න පුළුවන් වුණා. කිහිපයක් විතර අඩු කොලිටි. සම්පූර්ණ චිත්‍රපට 36ම බලලා මගේ ටොප් 10 රැන්ක් එකත් සඳහන් කරලා තියනවා. ඒකට අපූ ත්‍රිත්වය නම් ඇතුළත් කළේ නෑ. මොකද පුංචිකාලේ බලපු, කියවපු නොස්ටැල්ජියානු මතකයත් එක්ක ඒ චිත්‍රපට තුන තරඟ කරවන්න බැරි නිසා.

The Apu Trilogy

  • Pather Panchali: A Song of the Little Road (1955)
  • Aparajito: The Unvanquished (1956)
  • Apur Sansar: The World of Apu (1959)

Calcutta Trilogy: අසම්බන්ධිත නාගරික කතා ත්‍රිත්වයකි.

  • Pratidwandi: The Adversary (1970)
  • Seemabaddha: Company Limited (1971)
  • Jana Aranya: The Middleman (1976)

Goopy–Bagha: සංගීතමය චිත්‍රපට පෙළකි. සෙට් වුණේම නැති චිත්‍රපට දෙක.

  • Goopy Gyne Bagha Byne: The Adventures of Goopy and Bagha (1969)
  • Hirak Rajar Deshe: The Kingdom of Diamonds (1980)

Feluda: රහස් පරීක්ෂක පොත් පෙළෙන්

  • Sonar Kella: The Fortress (1974)
  • [10] Joi Baba Felunath: The Elephant God (1978)

අධ්‍යක්ෂණය කරන ලද අනෙකුත් චිත්‍රපට

  • Parash Pathar: The Philosopher's Stone (1958)
  • Jalsaghar: The Music Room (1958)
  • [8] Devi: The Goddess (1960)
  • Teen Kanya: Three Girls (1961) - කාන්තාව තේමා කරගත් රවින්ද්‍රනාත් තාගෝරයන්ගේ කතා ත්‍රිත්වයකින් කළ චිත්‍රපට සංහිතාවක්.
    • The Postmaster
    • Monihara: The Lost Jewels
    • Samapti: The Conclusion
  • [4] Kanchenjungha (1962) - ඔහුගේ පළමු වර්ණ චිත්‍රපටය
  • Abhijan: The Expedition (1962)
  • [1] Mahanagar: The Big City (1963)
  • Two (1964) - දෙබස් රහිත කෙටි චිත්‍රපටයකි
  • [3] Charulata: The Lonely Wife (1964)
  • Kapurush: The Coward (1965)
  • Mahapurush: The Holy Man (1965)
  • Nayak: The Hero (1966)
  • [9] Chiriyakhana: The Zoo (1967) - බ්යොම්කේශ් භොක්ශි රහස් පරීක්ෂක කතා පෙළෙන්
  • Aranyer Din Ratri: Days and Nights in the Forest (1970)
  • Ashani Sanket: Distant Thunder (1973)
  • Shatranj Ke Khilari: The Chess Players (1977) - අමිතාබ් බච්චන් කථනයේ යෙදෙන, ශබානා ආස්මි, සංජීව් කුමාර්, අම්ජාඩ් ඛාන්, ෆරීඩා ජලාල්, රිචඩ් ඇටන්බරෝ වැනි ප්‍රවීන දෙස් විදෙස් නළුවන් රංගනයේ යෙදෙන හින්දි චිත්‍රපටයකි
  • Pikoo: Pikoo's Day (1980) - කෙටි ටෙලි චිත්‍රපටයකි
  • Sadgati: Deliverance (1981) - ඕම් පූරි රංගනයේ යෙදෙන හින්දි චිත්‍රපටයකි
  • [7] Ghare Baire: The Home and The World (1984)
  • [6] Ganashatru: An Enemy of the People (1990)
  • Shakha Proshakha: The Branches of the Tree (1990)
  • [2] Agantuk: The Stranger (1991)

වාර්තාමය චිත්‍රපට

  • Rabindranath Tagore (1961) - සත්‍යජිත් රායිම කථනයේ යෙදෙන ඉංග්‍රීසි චිත්‍රපටයකි
  • [5] Sikkim (1971) - සත්‍යජිත් රායිම කථනයේ යෙදෙන සිකීම් දේශය ගැන කළ මෙම ඉංග්‍රීසි චිත්‍රපටය ඉන්දියාවේ මහජන ප්‍රදර්ශනය තහනම්ය.
  • The Inner Eye (1972) - අන්ධ සිත්තරෙකු, ගුරුවරයෙකු ගැන කළ සත්‍යජිත් රායිම කථනයේ යෙදෙන ඉංග්‍රීසි චිත්‍රපටයකි
  • Bala (1976) - භරතනාට්‍යම් නර්තනය සහ එකල එහිලා අති ප්‍රසිද්ධ වූ නර්තනවේදිනියක් ගැන කළ සත්‍යජිත් රායිම කථනයේ යෙදෙන ඉංග්‍රීසි චිත්‍රපටයකි.
  • Sukumar Ray (1987) - සාහිත්‍යකරුවෙකු වූ සත්‍යජිත් රායිගේ පියා ගැන ඔහුම කළ චිත්‍රපටයකි

වෙනත්

මීට අමතරව මේ මැරතන් එකේදි ඔහු ලියපු 'අනුකුල්' කෙටි කතාව ඇසුරින් ඒ නමින්ම පස්සේ කාලෙක නිර්මාණය වුණු කෙටි චිත්‍රපටයත්, පාතර් පංචලියේ කුඩා අපූ ලෙස රඟපෑ කුඩා දරුවාගේ ජීවිත කතාව- 'අපූර් පන්චලි' නම් බයෝපික් චිත්‍රපටයත්, ඔහුගේ කැමරාකරු වූ නිමයි ගෝෂ් ඔහු ගැන කියන 'My Life with Manikda' (2005) ඩොකියුමෙන්ට්‍රි කතාවත්, ඔහු පාතර් පංචලි චිත්‍රපටය නිර්මාණය කළ අයුරු කියවෙන අපරාජිතෝ (2022) බයෝපික් චිත්‍රපටයත් අහම්බෙන් නරඹන්න හැකිවුණා.

Satyajit Ray in his younger days


Comments