ඇතැම් දෙනාට තමන්ගේ ජීවිතේ ඕනෑ මොනවද කියලා හරියටම තෝර ගන්න තේරුමක් නෑ. තේරෙනවා වගේ තෝර ගත්තු මොනවා හරි එක්ක තමයි ජීවිතේ තේරුම් ගන්නේ. ඒ විදිහට තෝරපු ජීවිතේ ඉබේම පාරක් හොයාගෙන ගලාගෙන යනවා.
Antaheen චිත්‍රපටයේ දිග හැරෙන්නේ ජීවිතේ තෝරා ගැනීම් තීරණය කර ගන්න බැරිව ළතවෙන එකිනෙකට බද්ධ ජීවිත හතරක ගලා ගිය ආත්ම ප්‍රකාශන හතරක්. මේ හතරෙන් ජීවිත දෙකකට තවත් ජීවිත දෙකක් තියනවා. ඒ ඩිජිටල් අවකාශයේ. සැබෑ ලෝකයේ නොතේරෙන තේරිම් එයාලා සයිබර් ලෝකයෙන් තෝරන්න උත්සහ කරනවා. You’ve Got a Chat; මේ ලයින් එක The Shop Around the Corner (1940) චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය වුණු, ටොම් හැන්ක්ස් සහ මෙග් රයන් රඟන You’ve Got a Mail (1998) වගේ වුණත් කතාවේ අනෙක් සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස්.
අපර්ණා සෙන් සහ කල්‍යාණ් රේ; රාහුල් බෝස් සහ රාධිකා ආප්තේ. මේ යුග දෙකක
නියෝජනය. මේ
අයගෙන් ඩිජිටල් තිරයක ජීවිතේ හෙවුවේ කවුරු කවුරුද කියලා තෝර ගන්න එක මම ඔබට ඉතිරි කරනවා. එතකොට අනිත් දෙන්නා? ඒ අය
යම් තරමින් ජීවිතේ යථාර්ථය අත්දුටු අය. ඒ අයගේ තේරිම් හරි වෙනස්.
2009 වගේ කාලේ වෙද්දි ලංකාවේ බහුතරයකගේ
අත්වල චූටි ෆෝන් බට්ටෙක්වත් හිටියා. අන්තර්ජාලය පවා ඇතැම් දෙනාගේ නිවෙස් ඇතුළේ
නිදිමරන්න ගත්තු කාලේ. ඒ කාලේ පාවිච්චි කෙරුණු ඔන්ලයින් ඩිජිටල් යෙදවුම් වල අතුරු මුහුණත්
ආයෙත් දකිද්දි, පුංචි sms තිර ආයෙත් දකිද්දි කතා රසයට අමතරව හීනියට පුංචි ඩිජිටල්
නොස්ටැල්ජියාවකුත් සිහි ගැන්වෙනවා.
56 වන ඉන්දියානු ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය දිනා ගන්නේ මේ බෙංගාලි චිත්‍රපටය. සම්මානයට උධෘත පාඨය ලෙස දැක්වුණේ "For lyrical blend
of technical devices in the right proportion to depict shifting human
relationships in an urban scenario" යන්න.
ඒ වගේම හොඳම කැමරාකරණයත්, Pherari Mon ගීතය වෙනුවෙන් හොඳම පද රචනයත් චිත්‍රපටයට දිනන්න හැකි වෙනවා. ඒ වසරේ මෙම සම්මාන උළෙල ශ්‍රෙයා ගෝෂාල්ට බොහොම
වැදගත් වසරක්. මෙහි Pherari Mon බෙංගාලි ගීතයේ ගායනයට මෙන්ම තවත් මාරාති චිත්‍රපටයක ගායනයකටත් ඇයට
හොඳම ගායිකාව සම්මානය දිනන්න හැකි වෙනෙවා. එකම වසරේ භාෂා දෙකක ගායන දෙකක් සඳහා මෙම
සම්මානය දිනූ එකම ගායිකාව ඇයයි.
චිත්‍රපටයට ආරාධිත රංගනයකින් එකතු වෙන්නේ ශර්මිලා තාගෝර්. ඈ නියෝජනය කරන්නේ ‘You’ve Got a Call’ සමය.
රොටරි දුරකතනයකින් හොයන්න උත්සහ කරපු ජීවිතයෙන් ලබාගත්තු උගත් පාඩම් ඈ අලුත් පරම්පරාවට මුදා හරිනවා. දැන් ඔබට
තේරේවි ලස්සන ඉමෝශනල් කතාවකට තාක්ෂණය බද්ධ කර ගෙන තියෙන ලස්සන. දුඛාන්තයක් තියෙන කතාවක feel good ගතියක් දැනෙන්නේ ඇයි කියලා මම තාමත් කල්පනා
කරනවා. සමහර විට එයාලාගේ ජීවිතේ හරිම පාර
තෝර තෝර හොයාගන්න තාම නැවතෙන්නේ නැතුව අනවරතව ගලාගෙන යන නිසා වෙන්න ඇති.
චිත්‍රපටය මෙහෙම සම්මාන දින්නට ඉතාම
සීමිත පිරිවැයකින් නිෂ්පාදිතයි. ශර්මිලා තාගෝර් සහ රාහුල් බෝස් ඊට සම්බන්ධ වෙන්නේ
නොමිලේ. සංගීතය සපයපු ශාන්තනු මෝයිත්‍රා පවා ගාස්තුවක් අරං නැහැ. අධ්‍යක්ෂක Aniruddha
Roy Chowdhury ගේ දෙවන චිත්‍රපටය. Pink (2016)
වගේ හින්දි චිත්‍රපටත් හදපු අනිරුද්ගේ තවත්
අනර්ඝ, කවියක් වගේ චිත්‍රපටයක්- මඟ හැරගන්න එපා. යූටියුබයේ ඉංග්‍රීසි උපසිරසි එක්ක බලන්න පුළුවන්.
Antaheen (2009) – The Endless Wait
Language: Bengali
© Vijayanthi Vandebona | 2026-April-30 | Published in FB Group සිනමාවේදීන් - The Cinema People. | Words: 440

Comments
Post a Comment