Seventeen [2019]

හෙක්ටර් කියන්නේ අවුරුදු දාහතක ගැටවරයෙක්. ඔහු ඉන්නේ පුනුරුත්ථාපන මධ්යස්ථානයක. 



මේ මධ්යස්ථානේ ඉන්න අනෙක් ගැටවරයන්ට වඩා ඔහු වෙනස්. අනෙක් අය එක්ක වැඩි කතා බහක් එකතුවක් නැහැ. කිහිප වතාවක්ම පැනලා යන්න උත්සහ කරනවා. ඒත් අසාර්ථකයි. මේ හන්දම ඔහුට සපත්තු පැළඳීම තහනම් වෙනවා. අනිත් අය සපත්තු අඳිද්දි එයාට ලැබෙන්නේ දුවන්න බැරි සෙරෙප්පු දෙකක්. මේ විදිහට හෙක්ටර්ගේ දඩබ්බර කම වැඩි වෙද්දි මධ්යස්ථානේ වැඩසටහනක් ආරම්භ වෙනවා මේ ගැටවරයෝ ලව්වා, අල්ලගත්තු අයාලේ ගිය බල්ලො බලාගන්න/පුහුණුකරවන/සමාජගත කරවන. මේක ඇත්තටම වැරදි පාරේ ගිය තරුණයන්ට කරන තෙරපි එකක්. හෙක්ටර්ටත් බල්ලෙක් ලැබෙනවා බලාගන්න. මේ බල්ලත් හෙක්ටර් වගේම වෙනස්. අනෙක් බල්ලො එක්ක එකතුවක් නැහැ. හෙක්ටර් බල්ලට දාන නම තමයි Sheep. කතාව Inspiring වුණාට කොමඩි ශානරයටනේ අයිති.

කොහොම හරි දවසක මේ බල්ලා එන්නේ නැහැ. ඌව පවුලක් හදාගන්න අරගෙන. හෙක්ටර්ගේ බලු පුහුණුව හොඳයි. ඒත් හෙක්ටර් මේකට කැමති වෙන්නේ නැහැ. එයා බල්ලත් එක්ක බැඳිලා ඉවරයි. බල්ලා නැතිකමින් ඔහුගේ පරණ දඩබ්බරකම ආයේ මතුවෙනවා. ඒ පාර නම් පැනලා යන වැඩේ සාර්ථක වෙනවා. ඒ මොකද කිව්වොත් ඔහුට දැන් අරමුණක් තියන හන්දා. ඒ තමයි මේ බල්ලව හදාගන්න ගත්තු කට්ටියගෙන් උස්සන එක. ඉතින් හෙක්ටර්ට පුලුවන් වෙයිද බල්ලව උස්සන්න? මේ ගමනට එයාගේ ඉලන්දාරි අයියයි, එයාගේ RV එකයි, පණ අදිමින් ඉන්න ආච්චියි, බල්ලෙකුයි එකතුවෙන්නේ කොහොමද? ඇයි මේකට දාහත කියන Title එක සුවිශේෂ?
Netflix එකේ තියන, සහෝදරත්වය කැටිකරගත් Roadtrip වර්ගයේ අපූරු කතාවක්.
Language: Spanish [Diecisiete (2019)]
Category: Comedy-drama
Published in සිනමාවේදීන් - The Cinema People 2022 - April - 17

Comments