Thursday, November 27, 2014

Andhakaaren Dhuraatheethe

A nice song from Henry Jayasena's "Kuweni" (කුවේණි) stage play.
This is the පූරක song sung by Henry Jayasena and Wijeratne Warakagoda



අන්ධකාරෙන් දුරාතීතේ
අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක්
අන්ධකාරේ සිට කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ
වැලළිලා ඇත අන්ධකාරේ
පොලෝ පස් යට උනුන් කඳුළැලි
ලෙයත් දහඩිය එකට මුසුවී
….....

…පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක පසු කල
……අතීතේ සැඟවුනු කඳුලු බිඳු
…ලෙයත් දහඩිය මද සිනා රැලි

…අන්ධකාරෙන් දුරාතීතේ
…නැගී යලි එක් වේය අප හා
…අපේ කඳුලැලි …ලෙයත් දහඩිය
…සමඟ මුසු වී ලෝ දහමසේ …
…….....

අන්ධකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යලි පන්සියක් කල්
වසා සැඟවූ මුත් කුවේණිය

අදත් ඇය අප දෙස බලන්නී
හෙටත් යලි අප දෙස බලන්නී
දුරාතීතේ අන්ධකාරය
මැදින් සිට එබිකම් කරන්නී
…......

…සදා ඇය අප හා සිටින්නී
දොරින් දොර සැම තැන වෙසෙන්නී
…එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු
…සදා අප වෙනුවෙන් හෙලන්නී

…සදා කාලෙම ලොව පහල වූ
…සදා කාලෙම ලොව පහල වන
කුවේණියමයි එකම ගැහැනිය
…එදා උපනත් අද උපන්නත්
…......

…ඇයයි දුක් පීඩා විඳින්නේ
……ඇයයි වද හිංසා දරන්නේ
…ඇයයි අවමානය ලබන්නේ
…ඇයයි යකිණිය නම් ලබන්නේ

Ref: https://www.youtube.com/watch?v=8I36_SC7zbg

No comments:

Post a Comment