Monday, May 19, 2014

ඇගේ සිනහව

එළඹි මැදියම් රෑ
ඇරුණු කවුළුව අසල
අසුන්ගෙන පහසුවට
ගෙවන්නට මොහොතක්
නිසසල සුවයෙන්
සැරසී හිඳ ගතිමි

රැය පිහින මද පවන
සිසිලසයි සීතලයි
හමා එන සුළං රළ
ගත පුරා පිනා යයි

දුටුවෙමි ඈ මඩල
පිරිපුන්ව වටකුරුව
හිනැහුනා මා සමඟ
නාදුනන ශ්වේත රුව

අහස් කුස ලංකාර වේදිකා තනාලා
තරු රැඟුම් අතර මැද  මා සමඟ හිනැහුනා

හිනැහුනේ මා හටද?
නැතිනම් තවකෙකුට?
ඈගේ රැඟුම් දැක
ප්‍රීතියෙන් පිනා ගිය
සිනහව එ මට දුන්
කීයකට තවත් නම්
යුග කල්ප කාලයක්
දුන්නාද ඔබ?


No comments:

Post a Comment